Kolaba Haadaya
  • slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1

කොළඹ දිනවන්න කොළඹ හාදයාට ඉඩදෙන්න.

හදගැස්මට ඉඩදෙන්න.

කොළඹ මිනිස්සු කියන කතාව හැමෝටම තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න කොළඹ පොළොව හඳුනගෙන ඉන්න ඕන. මොන දුකක් වින්දත් කොළඹ මිනිස්සු හරි උණුසුම්. ඒත් ඒ හදවත් හරිම සීතලයි. ඔවුන් පරාජය වෙන්න සූදානම් නැහැ. පරාජය වෙන්න ඕනෙත් නැහැ. මේ මිනිස්සුන්ගේ හැඟීම් හඳුනගෙන, උන් පෙරටුකොට යන්න ඕන උන් දන්න කෙනෙක්. පපුව අඳුනන කෙනෙක්. පපුව හොඳ කෙනෙක්. කොළඹ හාදයාත් එක්ක කොළඹ මිනිස්සු අත්වැල් බැඳ ගත්තේ මේ ගමන දියවන්නාවෙන් කෙළවර කරන්න. දැන් ඉතිං, කොළඹ මිනිස්සුන්වවත්, කොළඹ හාදයවත් ආපහු හරවනව බොරු.

කොළඹ හාදයා නම්....

නගරවැසියෙක් වුණු ඔබ හමුවට යුතුකමේ තීරණාත්මක හෝරාවක් උදාවෙලා. බඩගෝස්තරවාදී මජර දේශපාලන රැළ අලූත් වටයකින් සිල් රෙදි පොරවාගෙන ඔබ හමුවට ඇවිත්. මැරයින්, දූෂිතයින්, කප්පම්කරුවන්, කම්බ හොරුන් තවදුරටත් කරතියාගෙන යන්න කොළඹ ඔබ සූදානම් නැහැ. ප්‍රතිපත්තියක් තියෙන එකෙක් පාර්ලිමේන්තු වරෙන් කියලයි කොළඹ මිනිස්සු කියන්නේ. පිළී ගඳ ගහන දේශපාලන මඩ ගොහොරුවේ අලූත් හුස්මක් අරන්, අලූත් හාදයෙක් ඇවිත්, ගෙන්දගම් පොළොවේ හැප්පුණු, ගිනියමින් බැටකාපු "කොළඹ හාදයා" වැඩට ඇවිත්.

ඔව්, ඔහු ප්‍රසන්න සෝලංගආරච්චි.ඓතිහාසික මුල්ලේරියා සටනට නායකත්වය දුන් රාජසිංහ පරපුරෙන් පැවත එන ප්‍රසන්න තුළ ඇත්තේද නිර්භීතත්වයයි. සටන්කාමිත්වයයි. එඩිතරත්වයයි. මඩේ හිටවූ ඉන්නක් මෙන් නොව කොන්ද කෙළින් තබා ගෙන සිය දෙපයින් නැගී සිටීමේ ශක්තිය ඔහුට උරුම විය.

සාධාරණ යුගයක් වෙනුවෙන් නිර්භීතව පෙනී හිටපු කොළඹ හාදයා, ප්‍රතිපත්තිගරුකව යුක්තිගරුක සමාජය රැකගන්න ඔබේ පක්ෂයෙන්, ඔබ වෙනුවෙන් සූදානම්. කොළොන්නාව ත්‍රස්ත කරපු කුඩු මාෆියාවට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් 40,000කට වැඩි ඔබේම ඡන්දයෙන් ප්‍රාදේශීය දේශපාලන වාර්තා අලූත් කරපු කොළඹ හාදයා, ඔබේ ආශීර්වාදයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්න අද සූදානම්.

ඔව්! දැන් ඔබේ වාරයයි!
ඉතිං, හදගැස්මට ඉඩදෙන්න....!

ඔබ ඡන්දය දිය යුත්තේ කුමක් නිසාද..?

Why you Should VOTE to Kolaba Haadaya.

නිර්භීත සටන් සගයා...

දූෂණයට හූමිටි තියන, ඒකාධිපතීත්වයට මල් පූජාකරන බඩගෝස්තරවාදීන් වගේ දෙන දෙයක් කාලා - වෙන දෙයක් බලාගෙන ඉන්න කොළඹ හාදයා කැමති වුණේ නැහැ. නිදාගෙන හිටි හැමෝටම කලින් හරි වෙලාවෙදි කොළඹ හාදය හරි තීරණය ගත්තේ ඒකයි. ඒ නිර්භීත තීරණයෙන් පස්සේ ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ නිල - නොනිල හමුදාවන් කොළඹ හාදයාව හොයාගෙන ආවා. ටී56 උණ්ඩයක් හරි, ග්‍රෙනේඩ් එකක් හරි මිතුරුකම් කියාගෙන එන බව ඔහු දැන හිටියා. තමන්ගේ ජීවිතයට වඩා, නිවැරදි දේශපාලන අරමුණ වැදගත් බව කොළඹ හාදයා විශ්වාස කරන්නේ් අදක ඊයෙක ඉදලා නෙමෙයි. අන්න එ් නිසයි ඔබගේ ඡන්දය ඔහුට ලබා දිය යුත්තේ..ඔබ දෙන ඡන්දයෙන් ඔහු ලබන පන්නරය නිසා ටී56 උණ්ඩ, ග්‍රෙනේඩ්, එකී මෙකී නොකී මොනම දේකින් වත් ඔහුව නම් නවත්වන්න බැරි වේවී...

ජන හදවතේ නොමැකෙන මතකය...

2002 වර්ෂයේදී ලාබාලතම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙලා, 2006 වර්ෂයේදී ලාබාලතම ප්‍රාදේශීය සභා සභාපති වෙලා, ප්‍රාදේශීය සභාවේ පරිණතම සභාපතිවරයා වෙමින්, ලක් ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රාදේශීය සභාවක වාර්තාකරමින් කොළඹ හාදයා අාපු ගමන් මග හැමදාමත් ජාතික තලයේ දේශපාලනයට යම් ඉගියක් ලබා දුන්නා. ඒ තමයි තමන්ගෙ මිනිස්සුන්ට අවංකව යුතුකම් ඉටු කරන දේශපාලකයින් කවදාවත් අාපස්සට නොයන බව. මොන දේ කලත් නිර්මාණශීලීව ඒ දේ කරන කොළඹ හාදයා ජාතික තලයේ කැපීපෙනෙන එක වලක්වන්න හුඟ දෙනෙක් උත්සාහ කළා. හැබැයි, කාටවත් බැරි වුණා.

අවංකත්වය

95%

මහජන මනාපය

85%

නිර්මාණශීලීත්වය

90%

නිහතමානිකම

100%

මිත්‍රත්වය

96%
196466

සතුටුදායක ඡන්දදායකයින්

385

අවසන් කල ව්‍යාපෘති

125

ඉදිරි සංවර්ධන ව්‍යාපෘති

25

ලබා ගත් ජයග්‍රහණ

මා පෙනී සිටින්නේ..

සැමට සමව සළකන නීතිගරුක සමාජයක් වෙනුවෙන්,

මිනිස්සුන්ට සැනසිල්ලේ හුස්ම ගන්න හැකි නගර සංවර්ධනයක් වෙනුවෙන්,

ජාති ආගම් භේද නොසලකන මානවවාදී සමාජයක් වෙනුවෙන්,

තරුණයින්ගේ අධ්‍යාපන අයිතියේ වටිනාකම වෙනුවෙන්,

පරිසර හිතකාමී ව්‍යාප්‍රති තුලින් අනාගත පරපුර සදහා පරිසරය අාරක්ෂා කර දීම.

ඡායාරූප ගැලරිය

කොළඹ හාදයාගේ විශේෂ අවස්ථා කැමරා කාචයේ සටහන් වූ අයුරු.. .

සියළු
ආගමික වතාවත්
මංගල ජනතා රැලිය
රත්මලාන කාර්යාලය
අවිස්සාවෙල්ලේදී
ප්‍රචාරක දැන්වීම්
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya
    • li class="cbp-l-icon">
    • by Kolaba Haadaya
    • by Kolaba Haadaya

එන්න මා සමග සම්බන්ධ වන්න....

සමාජ ජාල හරහා මා සමග සම්බන්ධ වී ඉන්න!

අප සමඟ එක් වන්න කැමතිද ?

ඔබගේ අදහස්, යොජනා, චෝදනා, අප සමඟ බෙදා ගැනීමට .....

අවස්ථාව පහතින්.

අපගේ මිතුරන්.

එන්න..එකට වැඩ කරමු.

ඔබගේ අදහස් අපි අහන්න කැමතියි ! ඉතින් ඒ අවස්ථාව ලබාගන්න.

කොළඹ හාදයා,
කොටිකාවත්ත, මුල්ලේරියාව,
0112578286, 0112578288, Hotline - 0112410999

මාගේ වීඩියෝ නරඹන්න.

මා මේ රට ගොඩනඟන බවට දිවුරමි. ඒ මා සඳහා නොව අපගේ උප නූපන් දරුවන් වෙනුවෙනි.